රිසානා නෆීක්ගේ මරණ දඬුවමn k alntikcsagacon 2389A22 hisliwion 2718 135exp:pcer
| රිසානා නෆීක් | |
|---|---|
| උපත | රිසානා නෆීක් මුතූර්, ශ්‍රී ලංකා |
| මරණය | 2013 ජනවාරි 09 දවාදමී, සෞදි අරාබිය |
| ජාතිකත්වය | ශ්‍රී ලංකික |
| වෘත්තිය | ගෘහ සේවිකා |
| ප්‍රසිද්ධ වන්නේ | වයස 17දී ඇය අතින් සිදුවූ අත් වැරැද්දකට දඬුවමක් ලෙස ෂරියා නීතිය යටතේ ගෙල කපා මරාදැමීම |
රිසානා නෆීක් යනු සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගොස් වයස 17දී බිළිඳෙකු මරාදැමීමේ චෝදනාවට ෂරියා නීතිය යටතේ මරා දැමූ ශ්‍රී ලංකික තරුණියකි.
පටුන
- 1 පවුල් පසුබිම
- 2 සෞදි අරාබියේ රැකියාව
- 3 අපරාධ චෝදනාව
- 4 නඩු විභාගය
- 5 අභියාචනා
පවුල් පසුබිම[සංස්කරණය]
රිසානා නෆීක්, මුත්තුර් ප්‍රදේශයෙහි වසන දුගී පවුලක වැඩිමහලු දියණිය වූවාය. ඇයට සොහොයුරු සොහොයුරියන් තිදෙනෙකු සිටි අතර දර කපන්නෙක් වූ ඇයගේ පියාට ස්ථිර රැකියාවක් තිබුණේ නැත.
සෞදි අරාබියේ රැකියාව[සංස්කරණය]
රිසානා නෆීක් 2005 වසරේ මැයි මාසයේ සෞදි අරාබියේ මෙහෙකාරියක් ලෙස රැකියාවට යන ලදී. එසේ යාමේදී එවකට වයස අවුරුදු 21 ලෙස ගමන් බලපත්‍රයේ වයස යොදා තිබුණු ඇගේ සැබෑ වයස අවුරුදු 17 ක් විය. 2007 ජුනි මාසයේ දී ඇය විසින් කුඩා දරුවකුට කිරි පෙවිමේදී ඒ දරුවා මිය ගොස් ඇත. ගෙහිමියන් ගේ චෝදනාවට අනුව ඇය මෙම දරුවාව ගෙල සිර කර මරා දම ඇති අතර , ඇගේ ප්‍රකාශයට අනුව දරුවා මිය ගොස් ඇත්තේ කිරි හිරවීමෙන්ය.
අපරාධ චෝදනාව[සංස්කරණය]
2005 මැයි 25 වැනිදා දහවල් 12.30ට පමණ දරුවාට බෝතලෙන් කිරි පොවද්දී කටිනා හා නාසයෙන් කිරි ආ බව රිසානා දුටුවාය. කිරි පිට උගුරේ යාම ඊට හේතුවයි. ඇය දරුවාගේ උගුර පිරිමැද්දාය. ඒ සමගම දරුවා ඇස් පියා ගත්තාය. සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය. දරුවා මැරූබවට ඇය පාපොච්චාරණයක් ද පොලිසියට කළාය.
නඩු විභාගය[සංස්කරණය]
අගවිනිසුරු අබ්දුල්ලා අල් රොසයිමි ප්‍රමුඛ ත්‍රිපුද්ල විනිශ්චය මණ්ඩලයකින් ඇය වැරදි කාරිය කර 2007 ජූනි 16 වැනි දා මරණ දඬුවමට නියම කරනු ලැබීය. එයට ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ඇයට දැන්වීය. ඒ අනුව 2007 ජූලි 15
මේ අතර දරුවාගේ පියා හමු වීමට ගත් උත්සාහය අසාර්ථක විය. මෙවැනි දඬුවමකට නියමකළ හැකි අයකුට බලය ඇත්තේ එම පවුලේ ප්‍රධානියාගේ කැමැත්ත ලැබුණහොත් පමණි. ඒ සඳහා වන්දි මුදලක් ගෙවා එසේ සමාව ලබාගත හැකි බව සෞදි නීතියේ සඳහන්වේ. රියාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල විභාග කර මුල් තීන්දුව තහවුරු කෙළේය. රිසානාට නිදහස ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඉල්ලීම ඇතුළත් ලිපියක් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය 2010.10.25 සෞදි රජතුමාට ඉදිරිපත් කළේය. අසියා මානව හිමිකම් සංවිධානය ඇය වෙනුවෙන් ඇපෑලේදී නීතිඥ ගාස්තුද ගෙවීමට ඉදිරිපත් විය. දරුවාගේ මව් පියන් සමග කතා බහ කර බේරුමක් කර ගැන්නැයි සෞදි රජතුමා සෞදි නුවර සමථ මණ්ඩලයට එම සිද්ධිය යොමු කෙළේය. බොරු ලියවිලි හදා රිසානා රට යැවූ රැකියා නියෝජිතයන් දෙදෙනාට කොළඹ මහාධිකරණය දෙවසර බැගින් සිර දඬුවම් නියම කර රුපියල් හැට දහස බැගින් රිසානාගේ මව්පියන්ට නියෝග කැරිණි. රිසානාගේ මව සහ පියා රිසානා බැලීමට එරටට ගියහ. 2013 නව වසර උදාවීමත් සමග සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය රියාද් බලධරයනට දැන්වූයේ රිසානා නෆික් මරා දඬුව පැණවීම ඉතා ආසන්න බවයි. ඒ සිද්ධියත් සමග මහින්ද රාජපක්ෂ ජනපති 2013 ජනවාරි 5 වැනිදා සෞදි රජතුමාට දෙවැනි ආයාචනය ද කරමින් රිසානා බේරාදෙන ලෙස ඉල්ලීමක් කෙළේය.